මාළිගාවත්ත, බී සී සී පාලම ආසන්නයේ මීට ටික වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත . ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා කංජිපානි ඉම්රාන් නම් සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතම ඥාතියෙකු බව වාර්තා වේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.