උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල්දානවාද තීරණය හෙට

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (05) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ. දැනට රටපුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා එම විභාගවලට ඇතිවිය හැකි බාධාවන් පිළිබඳ එහිදී අවධානය යොමුකිරීමට නියමිතය .

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව‍, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තම්න්තුවේ නියෝජිතයින් මෙම සාකච්චාවට සහභාගී විමට නියමිතය .