පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා ශ්‍රි ලංකා යුධ හමුදාව සූදානමින් සිටිනා බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පැවසීය .
මින් පෙර පැවති ආපදා තත්ත්වයන්හීදී යුධ හමුදාව ක්‍රියාකළ ආකාරයෙන්ම මෙවරද සියළුම කඳවුරු සීරුවෙන් තබා ඇති බවත්, පරීක්ෂා කිරීමේ සහ මුදා ගැනිමේ කටයුතු සඳහා භට පිරිස් සූදනමින් තබා ඇති බවද ඔහු පැවසීය .
ඊයේ දිනයේදීද කොටගල ප්‍රදේශයේ අතිවූ හදිසි ගංවතුර තත්ත්වයක් නිසා නිවාස කිහිපයක කොටුවී සිටි පුද්ගලයන් කිහිප දෙනෙක් ආරක්ෂා සහිතව යුධ හමුදාව විසින් ගලවාගත් බවත්, ඇතිවන ඕනෑම හදිසි තත්ත්වයක් යටතේ ජනතාව මුහුණ දෙන අවදානම් තත්ත්වයයන්ගෙන් ඔවුන් මුදවගැනීම සඳහා විශේෂ පුහුණුවක් ලත් භට පිරිස් අවශ්‍ය ස්ථනායන් හී ස්ථානගත කර ඇති බවත් යුධ හමුදාපතිවරයා පැවසීය.
යුධ හමුදාපතිවරයා මේ බව පැවසූවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.