නුවර සහ නුවරඑළිය ප්‍රදේශයන්හී සියළුම පාසැල් හෙට වසාදමයි .

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයන්හී සියලුම රජයේ පාසල් හෙට (04) දිනයේ වසා තැබීමට තිරණය කර ඇත . පවතින අයහපත් කාලගුණ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කර මෙම පියවර ගෙන ඇත .

නුවරඑළිය කළප අධ්‍යාපන අධ්‍යක්ෂ D.M.S.D. දිසානායක පවසන්නේ, හෙට දින නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම අධ්‍යාපන කළාපවලට පවතින දැඩි අයහපත් කාලගුණය හමුවේ නිවාඩු ලබාදීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා උපදෙස් ලබා දුන් බවයි