නිරිතදිග ජපානයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයන් 13 දෙනෙක් මියගොස් ඇතිබවත් , තවත් දස දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් අතුරුදහන්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
රික්ටර් මාපකයේ ඒකක 7.1ක ප්‍රභලත්වයෙන් යුතුව මෙම භූ කම්පනය ඊයේ (28) හටගත් අතර ඊට අදාලව සුනාමී අනතුරු ඇඟවීමක්ද නිකුත් කරනා ලදි . එම භූ කම්පනයෙන් නිවාස සහ සාප්පු සංකීර්ණ ඇතුළු ගොඩනැඟිලිවල විශාල පිරිසක් සිරවී සිටිනා බවත්, එම පිරිස බේරාගැනීමට තවමත් මෙහෙයුම් සිදුවන බවත් එම මාධ්‍ය වාර්තා පවසයි .
අතුරු දහන්ව ඇති පුද්ගලයන් කඩා වැටුන ගොඩනැගිලි තුල ඔවුන් සිරවී සිටීමට ඉඩ ඇතැයි විශ්වාස කෙරේ . ජපානයේ තෙවන විශාලතම දූපත ලෙස සැලකෙන ක්යුෂූ දූපතේ මෙම භූකම්පනය හටගෙන තිබුණි.