පානදුර වලාන දූෂණ මර්ධන ප්රහාරක ඒකකයට අනුයුත්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.
මියගිය පොලිස් කොස්තාපල්වරයා අද (29) අලුයම පොලිස් ස්ථානයේ ප්රධාන ගේට්ටුව අසල රාජකරියේ යෙදී සිටියදී සිය ටී-56 ගිනිඅවියෙන් වෙඩි තබාගෙන තිබේ. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලත් ඔහු පානදුර මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත . මියගිය පොලිස් කොස්තාපල්වරයා 28 හැවිරිදි වියේ පසුවූ පේරාදෙණිය ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලීසිය පැවසීය.