බස් රියක් දුම්රිය මගට පෙරලෙයි .

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් බරපතල අනතුරක් සිදුව ඇත . එම අනතුරින් පුද්ගලයන් 40 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇතිබව වාර්තා වේ .

අනතුර සිදු වූ වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් සහ සහන සේවා කණ්ඩායම් එක්ව බස් රථය තුළ සිරවී සිටි මගීන් මුදාගැනීමට පියවර ගෙන ඇති අතර, තුආල ලැබූ සියල්ලෝ දියතලාව මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇත . දියතලාව පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.