පිළියන්දල ප්‍රදේශයේ පාසලක ගොඩනැගිල්ලක් මතට කොහොඹ ගසක් කඩා වැටීමෙන් එම පාසලේ සිසු සිසුවියන් තිදෙනෙකු තුවාල ලබා පිළියන්දල දිසා රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ. මේ අතරින් එක් සිසුවියක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත .
අද පස්වරුවේ පාසැල නිමවීමට සුළු වේලාවකට පෙර ඇඳ හැළුණු අධික වර්ෂාවත් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත. පාසලේ 10වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවියන් දෙදෙනෙක් හා සිසුවෙක් මෙලෙස තුවාල ලබා තිබෙනවා.
මේ හේතුවෙන් එම ගොඩනැගිල්ලේ වහලයට ද දැඩි අලාභ හානි සිදුව ඇති අතර පිළියන්දල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි .