2026 දී ශ්‍රී ලංකාව මුලින් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි විදේශ විනිමයක් ප්‍රමානයක් වාහන ආනයනය සඳහා වැය කිරීමට ඉඩ ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.
ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ආචාර්ය වීරසිංහ ප්‍රකාශ කළේ, පසුගිය වසරේ වාහන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 2 කට ආසන්න මුදලක් වැය කර ඇති අතර එය කලින් පුරෝකථනය කළ ඇමරිකානු ඩොලර් බිලියන 1.5ත් 1.7ත් අතර ප්‍රමාණය ඉක්මවා යාමක් වන බවයි .
2026 මුල් මාස තුන තුළ වාහන ආනයනය සඳහා දැනටමත් ඇමරිකානු ඩොලර් මිලියන 600කට ආසන්න මුදලක් වැය කර ඇති බව මහබැංකු අධිපතිවරයා පෙන්වාදුන්නේය. කෙසේ වෙතත් ඉහළ ආනයන පරිමාව හේතුවෙන් වාහන ආනයනයෙන් එකතු කරන ලද බදු සහ තීරුබදු හරහා භාණ්ඩාගාරයට ආදායම වැඩි වී ඇති බව ඔහු සඳහන් කළේය.
වාහන ආනයනයේ දැනට පවතින ප්‍රවණතාව අඛණ්ඩව පැවතුනහොත්, වසර අවසානය වන විට මුළු වාහන ආනයන වියදම පසුගිය වසරේ සංඛ්‍යාලේඛන ඉක්මවා ඇමරිකානු ඩොලර් බිලියන 2.4කට ආසන්න විය හැකි බවට ඔහු අනතුරු ඇඟවීය.