අගමැතිණිය ලන්ඩන් යයි

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (18) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් එංගලන්තයේ, ලන්ඩන් නුවර බලා පිටත්ව ගියාය.

ලන්ඩන් නුවර පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුවකට සහභාගී වීම සඳහා ඇගේ සංචාරයේ අරමුණ බවත්, අග්‍රමාත්‍යවරිය සමග තවත් දෙදෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් මෙම සංචාරයට එක්වූ බවත් වාර්තා වේ . එළැඹෙන 23 වනදා අගමැතිණිය ඇතුළු පිරිස යළි දිවයිනට පැමිණීමට නියමිතය.