2026 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 876,277ක් බව මහ බැංකු වාර්තා පවසයි . එම කාලසීමාව තුළ උපයා ඇති සමස්ත සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 1,111 ක් බව එම වාර්තා පවසයි .
2025 වසරේ එම කාලසීමාවේ ශ්‍රී ලංකාවට සංචාරකයන් 896,884 ක් පැමිණි ඇති අතර ව්මගින් උපයා ඇති මුදල් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1,379 කි . ඒ අනුව 2026 වසරේ මුල්කාර්තුවේ සංචාරකයන්ගේ පැමිණීම 2.3% කින් පහළ ගොස් ඇති අතර, සංචාරක ඉපැයීම් 19.4% කින් අඩු වී තිබේ. 2026 වසරේ අප්‍රේල් මාසයේ සංචාරක ක්ෂේස්ත්රයේ ආදායම පමණක් 38.8% කින් පහත වැටී ඇත .