ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය විසින් ළමා විවාහ, දික්කසාද සහ පවුල් සබඳතා පිළිබඳව නව නීතියක් හඳුන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
වැඩිවියට පත් වූ කන්‍යා දැරියකගේන් විවාහය ගැන අසන විට නිහඬව සිටියහොත්, එය ඇගේ “කැමැත්ත” ලෙස සලකා විවාහය සිදු කිරීමට මෙම නීතියෙන් ඉඩ ලැබේ.
නමුත් පිරිමි ළමයෙකු හෝ කලින් විවාහ වූ කාන්තාවක නිහඬව සිටියහොත් එය කැමැත්තක් ලෙස පිළි නොගැනේ.පියෙකුට හෝ සීයා කෙනෙකුට තම පවුලේ බාලවයස්කාර දරුවන්ව එනම් ළමා විවාහයන් කර දීමට විශාල බලයක් මෙමඟින් පැවරේ.
ළමා කාලයේදී සිදුකළ විවාහයක්, ඔවුන් ලොකු මහත් වූ පසු අවලංගු කිරීම සඳහා තලේබාන් උසාවියක අනුමැතිය අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ.