සියලුම දේශීය ක්‍රිකට් තරඟාවලි දින නියමයක් නොමැතිව කල්දැමීමට තීරණය කර අතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දක්වෙයි . පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව එම නිවේදනයේ සඳහන් වෙයි.
ඒ අනුව අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය, ‘බී‘ කොටසේ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය සහ ආණ්ඩුකාර කුසලාන තරගාවලිය ද දින නියමයක් නොමැතිව කල්දමා ඇත.
වැසි සහිත කාලගුණ තත්ත්වය නිමවීමෙන් පසුව සංශෝධිත තරඟ කාලසටහනක් යටතෙ සියළු තරග යළි ඇරඹීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි . .