උණ වසංගතයක් නිසා දෙනියායේ සියළුම පාසල් වසා දමයි .

දින කිහිපයක සිට සිසුන් අතර පැතිර යන උණ රෝග තත්ත්වයක් හේතුවෙන් දෙනියාය අධ්‍යාපන කළාපයේ පාසල් කිහිපයක් තාවකාලිකව වසා දමා ඇත .

පාසල් සිසුන් අතර රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා පූර්වාරක්ෂාවක් ලෙස දෙනියාය අධ්‍යාපන කලාපය තුළ ඇති සියලුම පාසල් ඊයේ (7) සහ අද (8) යන දිනවල වසා දැමීමට උපදෙස් දී ඇති බව දෙනියාය කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එන්. හෙට්ටිගොඩ පැවසීය . උණ රෝගී තත්ත්වය හේතුවෙන් පාසල් පැමිණීමේ අඩුවීමක් සිදුවී ඇති බව ඇය පැවසුවාය.

පවතින තත්ත්වය සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත .