නාසය සහ පෙනහළු ආශ්‍රිතව සිදුවන නවතම සොයාගැනීමක් සිදුකල නිශාදි දෙල්ගම රැහුණු විශ්ව විද්‍යාලයේ ⁣සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ඇගයීමට ලක්වේ

නාසය සහ පෙනහළු ආශ්‍රිතව සිදුවන නවතම සොයාගැනීමක් සිදුකල, ජපානයේ නගෝයා විශ්ව විද්‍යාලයේ ආචාර්යවරියක් සේම ශ්‍රී ලංකාවේ ලාබාලතම විද්‍යාඥයවරියක් වන නිශාදි දෙල්ගම මහත්මිය, පසුගියදා ඇයගේ ප්‍රථම උපාධිය ලැබූ රැහුණු විශ්ව විද්‍යාලයේ ⁣සම සෞඛ්‍ය විද්‍යාපීඨයේදී ඇගයීමට හා ගෞරවයට පාත්‍ර විය. ඇය මෙහිදී විශිෂ්ට සොයාගැනීම සිදුකල පර්යේෂණය පිලිබදව නවක සිසු සිසුවියන් හට විශේෂ දේශනයක් ද පැවැත්වීය. එම කර්තව්‍යයට එම පීඨයේ උපකුලපති මහාචාර්ය ඉමේන්දු කොටපොල මහත්මා ඇතුළු ආචාර්ය මහාචාර්ය පිරිසක්ද සහභාගී විය.ආචාර්ය නිශාදි දෙල්ගම ආරච්චි ශ්‍රී ලංකාවේ අනුරාධපුර නගරයේ උපත ලබා ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයෙන් ඉතාමත් දක්ශලෙස අධ්‍යාපනය හදාරා උසස් පෙල විශිෂ්ට අයුරින් සමත්ව රැහුණු විශ්ව විද්‍යාලයේ සම සෞබ්‍ය වෛද්‍ය පීඨයෙන් පුථම උපාධිය වන වෛද්‍ය රසායනාගාර විද්‍යා උපාධිය සම්පූර්ණ කරඋැති අතර වැඩිදුර අධ්‍යාපනය සදහා ජපානයේ නගෝයා විශ්ව විද්‍යාලයට ඇතුලත්ව තම ආචාර්ය උපාධිය සම්පූර්ණ කර දැනට එම විශ්ව විද්‍යාලයේම සහකාර මහාචාර්යවරියක්ලෙස සේවය කරයි,
ආචාර්ය නිශාදි දෙල්ගම ආරච්චි විසින් වසර 04 කට ආසන්න කාලයක් පුරාවට මිනිසුන් සහ මීයන් යොදාගෙන අදියර කීපයකින් කල ඉතා සංකීර්ණ පර්යේෂණයක පුුතිඵලයක් ලෙස මෙම සුවිශේෂී අනාවරණය සිදුකරගෙන ඇත.
මෙතෙක් සාමාන්‍ය සංසිද්ධිය ලෙස මිනිස් නාසය මගින් ඇතුළුවන අති සියුම් දූවිලි අංශු ස්වසන මාර්ගය හරහා පෙනහලු දක්වා ගමන් කිරීම දැක්විය හැකි වුවද , මෙම නවමු පර්යේෂණයේදී ආසාත්මිකතා ඇති පුද්ගලයෙකුගේ නාසයෙන් ඇතුළුවන මෙම ඉතා කුඩා ප්‍රමාණයේ අංශු නාස් ගර්භය තුල සාමාන්‍ය පුමාණය මෙන් 4 ගුණයක පුමාණයක් තැන්පත්වී ඇති බව සොයා ගැනුණු අතර, සාමාන්‍ය කෙස් ගසක පළලෙන් තිහෙන් එකකටත් වඩා සිහින් පියවි ඇසට දෘෂ්‍යමාන ⁣නො⁣වන තරමේ අතිශය කුඩාම අංශු මගින් අවට පාරිසරයේ ඇති ලෝහ සහ රසායනික මයික්‍රෝන අනු, මෙම අති සියුම් දූවිලි අංශු මත අමුනාගෙන ශරීරය තුලට රැගෙන යාමට වාහකයෙක් ලෙස ක්‍රියාකරන බවත්, මෙමගින් සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා ආඝ්‍රාණ ආසාත්මිකතා ඇති පුද්ගලයෙකුගේ නාසය තුල ඇති ඇතුලත පටලය ඉදිමීම හෙවත්ආසාත්මික ඝ්‍රාණ ප්‍රදාහය නිසා මෙම අංශු පුුමාණය තැන්පත්වීම වැඩිවීමෙන් නාසය තුල පරාග ඇලර්ජි රයිනයිටිස් උත්ප්‍රේරණය කරන ලබන අතර එමගින් නාසය තුල ‘මියුසින් ‘ ලෙස හදුන්වන ශ්ලේෂ්ම වැඩි ප්‍රමාණයක් නිපදවයි, මෙම ශ්ලේෂ්ම වල ඇලෙන සුළු ස්වභාවය නිසා තව තවත් අංශු නාසය තුල අල්ලා තබා ගැනෙන අතර, එමගින් නිතර කිවිසුම් යාම, නාසයෙන් දියර ගැලීම, ඇස්වලින් කදුළු ගැලීම හා කැසීම වැනි ලක්ෂණ උග්‍ර කරවයි, මෙම ලක්ෂණ වැඩිවීමත් සමග තව තවත් ශ්ලේෂ්මල නිපදවීම සිදුවන බැවින් තවත් අති සියුම් කනිකාමය අංශු එකතුවීමට ඉඩ සලසයි. එමගින් වායු දූෂණය සහ ඇලර්ජි එකට එකතුවී රෝග තත්වය තව දුරටත් උත්සන්න කරවයි
මෙම සොයාගැනීමෙන් පැහැදිලි වන්නේ ආසාත්මිකතා ඇති අය තුල PM2.5 අංශු හැසිරෙනු ලබන්නේ සාමාන්‍ය පුද්ගලයෙකු තුල හැසිරෙන ආකාරයට හාත්පසින්ම වෙනස් ආකාරයකට බවයි, ⁣දුහුවිලි මයික්‍රෝන ස්වසන මාර්ගය ඔස්සේ පෙනහලු තුලට ගමන්කිරීම වෙනුවට එහි අඩංගු ටින් නාසය තුල රැදීසිටිමින් රෝග ලක්ෂණ සෘජුවම උග්‍ර කිරීමට දායක වන බවයි.

  මෙම පර්යේෂණය පුරාවටම නගෝයා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරැන් දෙපලක් වන කාතෝ මසාශි සහ තසාකි අකිරා යන මහත්වරුන්   ආචාර්ය නිශාදිට නිසි මග පෙන්වීම අගය කල යුතුය,

                                    මෙම නව සොයාගැනීම ජපානයේ පළමු පෙළ රෑපවාහිනී මාධ්‍ය හරහා විශාල අවධානයක් ලබාගත් අතර, මෙම විශිෂ්ට පර්යේෂණ දායකත්වය  සදහා ආචාර්ය නිශාදි දෙල්ගම මහත්මියට 2026 වසරේ නගෝයා විශ්වවිද්‍යාලය මගින් පිරිනමන Medical Encouragement Award සම්මානය හිමිවිය  එමෙන්ම වෛද්‍ය පීඨයේ පලමු ස්ථානය ද හිමිවූ අතර මෙම සම්මානය ලබාගත් පලමු ශ්‍රී ලාංකිකයාද ඇය වීම සුවිශේෂ කරුණකි.
       තවද ජපාන Hygiene Society හි 96 වන වාර්ෂික සම්මේලනයේදී Best Oral Presentation yong Investigator Award සම්මානය මෙන්ම නගෝයා විශ්ව විද්‍යාලයේ Premium Lecture මාලාවට (වසරකට තුන්වරක් පමණක් පැවැත්වෙන ) කතිකාවක් ලෙස ආරාධනා ලැබීමද ඇයගේ විශිෂ්ටත්වය පෙන්වයි.

ඇගේ මව නන්ද රත්නායක මහත්මිය වන අතර, පියා චන්ද්‍රසේන ඩෙල්ගමආරච්චි මහතා විශ්‍රාමික ඉංජිනේරුවෙකි. ඇගේ සැමියා වන රයන් සුරියාරච්චි මහතා ජපානයේ Hikarau Lanka Enterprises ආයතනයේ ඉංජිනේරුවෙකු ලෙස දැනට සේවය කරයි. ඔහු රොහාන් සුරියාරච්චි මහතා සහ වෛද්‍ය ස්වර්ණා සුරියාරච්චි මහත්මියගේ පුත්‍රයෙකි