ශම්මි සිල්වා ක්‍රිකට් සභාපති ධූරයෙන් ඉවත්වෙයි .

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණ කර ඇතිබව වාර්තාවේ . අද (28) පස්වරුවේ පැවැති විධායක කමිටු රැස්වීමකදී ඔහු මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන් වෙයි.

හිටපු ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙක්, සහ ක්‍රීඩකයන් ගේ කළමනාකරුවෙක් රජයේ ඉහළ තනතුරක් හොබවන්නෙක් හමුවී කළ ඉල්ලීමකට අනුව රජයේ පාර්ශවයෙන් ඉල්ලා අස්වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාට දන්වා ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි .

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන්ගේ ගෙවීම් සංශෝධනය කිරීමට තිරණය කර ඇති අතර ඒ අනුව ඉදිරියේදී ක්‍රිඩක දක්ෂතා පදනම් කරගත් නව ක්‍රමයක් හඳුන්වාදීමට නියමිත බවත්, ඊට ක්‍රීඩකයන් සහ ඔවුනගේ කළමණාකරුවන් දැඩි විරෝධයක් දක්වා ඇති බවත් වාර්තා වේ.

ශම්මි සිල්වා මහතා 2019 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට මුල්වරට තේරී පත් වූ අතර ඔහු එතැන් සිට මේ දක්වා වසර 7ක කාලයක් සභාපති ධුරයේ කටයුතු කළේය.