ශ්‍රී ලංකා ක්‍රිකට් හදිසි විධායක සභා රැස්වීමක් අද පැවැත්වෙයි .

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නයේ හදිසි විධා­යක සභා රැස්වී­මක් අද පැවැත්වීමට නියමිතය . එහිදී සියලු සාමා­ජි­ක­යන් සිය තන­තු­රු­ව­ලින් ඉල්ලා අස්වී ඉදිරි හදිසි ක්‍රිකට් නිල­ව­ර­ණ­ය­කට අව­ස්ථාව සැල­සීමට ඇති හැකියාව පිළි­බඳ සාක­ච්ඡා­වනු ඇතැයි ‘දිනමිණ’ පුවත්පත වාර්තා කරයි.

පසු­ගිය වසරේ පැවති නිල­ව­ර­ණ‍යේදී සභා­පති තන­තු­රට පත් වූ ෂම්මි සිල්වා ඇතුළු වත්මන් විධා­යක කමිටු නිල­ධා­රීන්ගේ ධුර කාලය ලබන වසර දක්වා ක්‍රියා­ත්ම­කව පව­තියි .

වත්මන් ක්‍රිකට් ආය­තන සභා­පති ෂම්මි සිල්වා ඇතුළු ක්‍රිකට් විධා­යක සභා­ව ඉල්ලා අස්වුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් පරි­පා­ල­නය සඳහා කෙටි­කා­ලීන අතුරු පාලක කමි­ටු­වක් පත්කිරී­මට නිය­මි­තව ඇති අතර, එම අතුරු පාලක කමි­ටුව විසින් විශේෂ මහ සභා රැස්වී­මක් කැඳවා නිල­ව­රණ කමි­ටු­වක් පත්කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි නිල­ව­ර­ණය සංවි­ධාන කළ යුතු වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නයේ වත්මන් සභා­පති ෂම්මි සිල්වා මුල් වරට 2019 වසරේ පෙබ­ර­වාරි මාසයේ දී ක්‍රිකට් සාමා­ජික සංග­ම්වල බහු­තර ඡන්ද­යෙන් තේරී පත්විය . ඉන් අන­තු­රුව පැවති ක්‍රිකට් නිලවරණ තුනකදී බහු­තර සංග­ම්වල කැමැත්ත මත ශම්මි සිල්වා ක්‍රිකට් සභා­පති තන­තු­රට තුන්ව­තා­වක් පත්වීම කැපී­පෙ­නිණි.