මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළු වූ සයිබර් හැකර්වරුන් පිරිසක් සිදුකළ සොරකමක් සම්බන්ධයෙන් එම අමාත්‍යංශය විසින් නීතිය බලාත්මක කරන ආයතන වෙත දැනටමත් පැමිණිලි කර ඇති බව වාර්තා වේ .
2026 ජනවාරි මාසය තුළදී, විදේශ මුදල් ප්‍රමාණයක් ගෙවීම පිළිබඳ හඳුනාගත් තොරතුරු අනුව, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට (SL-CERT) හා ශ්‍රී ලංකා පොලීසියේ පරිගණක අපරාධ විමර්ශන අංශය (Computer Crime Investigation Division) වෙත මෙලෙස පැමිණ්ඊළි කර ඇත .
ඒ ඔස්සේ කරන ලද පරීක්ෂණ වලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) වෙත වෙත පැමිණිලි කර ඇත .
මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර මූලික පරීක්ෂණයක් ද සිදුකර, අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇති අතර නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් ද විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන් වේ.
වෙනත් රටකට ගෙවීමට නියමිත්ව තිබූ ඩොලර් මිලියන 2.5 තුනෙනි පාර්ශවයේ ගිණුමකට බැරවීමේ සිදුවීම මෙම හැකර්වරුන්ගේ මැදිහත්වීම මත සිදුව ඇතිබවට විශ්වාස කෙරේ .