පාස්කු ප්‍රහාරයට අදාළ මහා මොළකරු මේ වන විට නීතියේ රැහැනට හසුවී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පැවසූවාය . සාමය ඉතා වැදගත් බවත්, එහෙත් සාමය ස්ථාපිත කිරීම සඳහා පා ගමන් යාම පමණක් ප්‍රමානවත් නැතිබව පැවසූ ඇය ඒ සඳහා ප්‍රායෝගික වැඩසටහනක අවශ්‍යතාවය අවධාරණය කළාය .
වැඩි දුරටත් අදහස් දක්වමින් ඇය මෙලෙස පැවසූවාය .
“සාම පාගමන හොඳයි. ඒත් සාමය සඳහා මුකුත් කෙරෙන්නේ නෑනේ. පාගමන ගියා කියලා විතරක් මදිනේ. රටේ සාමය උදාවිය යුතුව තිබුණේ මීට දශක කිහිපයකට කලින් , ඒක වසර 30කට පමණ පෙර සිදුවූනානම් නම් වඩාත් හොඳ දෙයක් වෙන්න තිබුනා .”
හිටපු ජනාධිපතිනිය මෙම අදහස් පල කළේ, සාම පා ගමනට සහභාගිවීමට මෙරටට වැඩමකළ භික්ෂුන් වහන්සේලා හමුවීමට අද (21) පෙරවරුවේ අත්තනගල්ල රජමහා විහාරයට පැමිණි අවස්ථාවේදි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙමිනි .