ලල් කාන්තගෙන් හිරු රූපවාහිනී‍යට රුපියල් බිලියන 10 ක එන්තරවාසියක් .

කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත විසින් හිරු ටීවී ආයතයෙන් රුපියල් බිලියන 10ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර ඇත . ඒ ඔහු විසින් ඉදිරිපත් කරන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශය වැරදි ලෙස අර්ථකථනය කරමින් ද්වේශ සහගත පුවතක් පළ කිරීම සම්බන්ධයෙනි .

2026 අප්‍රේල් 16 වන දින හිරු ටීවී ප්‍රවෘත්ති විකාශනය මගින් තමා ඉදිරිපත්කළ වත්කම් බැරකම් ප්‍රාකාශය වැරදි අර්ථකථනයක් සහිත්ව ඉදිරිපත්කළ බවත්, එහිදී ”ලාල්කාන්ත අමාත්‍යවරයා සතුව රුපියල් කෝටි 46 ඉක්මවන වත්කම් පවතින බවත්, පෞද්ගලික ආයතන 10ක රුපියල් තිස් අටකෝටි තිස්නම ලක්ෂයකට අධික සුරකුම්පත් පවතින බවත්” පැවසීම අසත්‍ය බව ලාල් කාන්ත අමාත්‍යවරයා කියා සිටී .

සිය දියණිය සතු, වර්තමාන වටිනාකම රුපියල් 143,000කට ආසන්න කොටස් ප්‍රමාණයක අගය, සාවද්‍ය ලෙස රුපියල් තිස් අටකෝටි තිස්නම් ලක්ෂයක් ලෙස හුවා දක්වා ඇති බව එම එන්තර වාසියේ දැක්වෙයි . තවද සිය වත්කම්වල මුළු වටිනාකම රුපියල් කෝටි 46 ඉක්මවන බවට හිරු නාලිකාව ගණනය කර ඉදිරිපත් කළ කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද එහි සඳහන් වෙයි .

ඒ අනුව එකී පුවත පලකිරිම මගින් ,සිය කීර්ති නාමයට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් බිලියන 10ක වන්දියක් මෙම එන්තරවාසිය ලැබී දින හතක් ඇතුළත ගෙවන ලෙස හිරු නාලිකාවට දන්වා ඇත .