නුවන් තුෂාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලයි .නඩුව අයින් කරගන්න කැමති වෙයි .

2026 ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගීවීමට විරෝධතා නොමැති බවට සහතිකයක් තමාට නිකුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර විසින් ගොනුකර තිබූ පෙත්සම ඉවත්කර ගැනීමට ඔහු සිය එකගතාවය පලකර ඇත .

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමුකරනා ඔහු උක්ත කරුණ ගැන අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලා තිබේ. එම පෙත්සම ඉල්ලා අස්කරගැනීමට කැමැත්තෙන් සිටින බව ද ඔහු අදාළ ලිපියෙහි දක්වා ඇත .

නුවන් තුෂාර විසින් ඉදිරිපත්කළ පෙත්සම ඊයේ අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා සිටියේ එම පැමිණිල්ලට අදාල විරෝධතා ගොනුකරනා බවයි . අනතුරුව වග උත්තරකරුවන්ගේ විරෝධතා ගොනු කිරීම සඳහා මෙම පැමිණිල්ල අප්‍රේල් මස 23 වනදා කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළේය.