සටන් විරාමය ගැන ඊශ්‍රායලයෙන් නිවේදනයක් .

ඉරානය සමග සටන් විරාමයකට සහයෝගය පළකරමින්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිල නිවේදනයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

තමන් ඉරානය සමඟ එක්සත් ජනපද සටන් විරාමයට ඊශ්‍රායලය සහාය දක්වන නමුත්, එම සාකච්චා හෝ එමගින් අපේක්ෂිත ගිවිසුම මගින් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට එරෙහිව සටන් කිරීම ආවරණය නොකරන බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසූ බව එම මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි .