බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඇප මත මුදා හැරේ .

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට අධිකරණය අද (27) නියෝග කළේය .

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවකට පෙනී සිටීම සඳහා අමාත්‍යවරයා අද උදෑසන කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ මෙලෙස ඇපමත මුදාහැර තිබේ .

මෙම නඩුව පවරා ඇත්තේ 2015 වර්ෂයේදී ඔහු පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී සිදු කළ බව කියන දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන්. එම සිදුවීමේදී පෞද්ගලික සමාගමකට නීති විරෝධී ලෙස ලාභයක් හා වාසියක් ලබා දීමෙන් අල්ලස් පනතේ 70 (ආ) වගන්තිය යටතේ දූෂණය නමැති වරද සිදු කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී ඇත .