කියුබාව අල්ලා ගන්නවා – ට්‍රම්ප් කියයි

වොෂින්ටනය විසින් පනවන ලද අඛණ්ඩ ඉන්ධන සම්බාධක මධ්‍යයේ කියුබාවේ විදුලිබල පද්ධතිය මුළුමනින්ම බිඳ වැටී ඇති බව වාර්තා වේ . යුනියන් නැෂනල් ඉලෙක්ට්‍රිකා ඩි කියුබාව (UNE) “ජාතික විදුලිබල පද්ධතිය සම්පූර්ණයෙන්ම වසා දැමීම” නිසා මිලියන 10 ක ජනතාවකට විදුලිය නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි . එරට බලශක්ති හා පතල් අමාත්‍යාංශය ද කියුබවේ විදුලි පද්ධතිය සම්පූර්ණයෙන් විසන්ධි වී ඇති බව තහවුරු කර ඇත .

එම තත්ත්වය මත කියුබාව අත්පත් කරගැනිමට තමා සූදානම් බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි . ධවල මන්දිරයේදී මාධ්‍ය අමතමින් ඔහු පැවසූවේ

තම ජීවිත කාලය පුරාම අපි එක්සත් ජනපදය සහ කියුබාව ගැන කථා කළද , එක්සත් ජනපදය විසින් කියුබාව අත්පත් කරගන්නේ කවදාද යන්නට පිළිතුරක් නොලැබුන බවයි . ”ඒ අනුව කියුබාව අල්ලා ගැනීමේ ගෞරවය මට ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා.” යයි ධවල මන්දිරයට කැඳවූ මාධ්‍යවේදීන් හමුවේ ට්‍රම්ප් පැවසූ බව අල්ජසීරා මාධ්‍ය ආයතනය පවසයි.