හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට එරෙහිව රුපියල් මිලියන 8.85ක වන්දි මුදලක් නීතිවිරෝධී ලෙස ලබාගත් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණ අද දැනුම් දැනුම් දුන්නේය .
ඒ මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය . ඒ අනුව එම නඩුව නැවත ජූලි මස 10 වනදා කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
අරගල සමයේදී සෙවනගල ප්‍රදේශයේ පිහිටි තමන්ට අයිති ගොඩනැගිල්ලක් සහ දේපළ කිහිපයක් විනාශ වී ඇති බව පවසමින් ශෂීන්ද්‍ර රාජපක්ෂ ඒ වෙනුවෙන් අදාළ වන්දි මුදල ලබාගෙන ඇතත්, විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ අදාළ දේපළ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩමක නීතිවිරෝධී ලෙස ඉදිකර තිබූ ඒවා බවයි.