විදුලි වර්ජනය මැද කොළඹ නගරයේ විදුලිය බිඳ වැටේ.

විදුලිබල මණ්ඩළ සේවකයෝ ක්‍රියාත්මක කරනා අඛණ්ඩ වැඩ වර්ජනය අද දිනයෙත් පැවැත්වෙන අතර කොළඹ 9, 14 සහ ගම්පහ ප්‍රදේශ කිහිපයක විදුලි බිඳවැටීම් වාර්තා වී ඇතිබව විදුලිබල මණ්ඩලයට සම්බන්ධ ආරංචි මර්ග පවසයි

එහෙත් විදුලි වෘත්තීය සමිතිවල අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් ඒවා යථා තත්ත්වයට පත්කිරීමට යම් කාලයක් ගතවනු ඇති බව වාර්තා වේ.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ස්ථාපිත නව ආයතන වෙත සේවකයින් අනුයක්ත කිරීමේදී ක්‍රමවත් පත්වීම් ලිපි ලබානොදිම ඇතුළු ඉල්ලීම් 8ක් මුල් කරගනිමින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊයේ (09) සවසට 3ට ආරම්භ වූ අතර, එය පැය 24ක් පුරා ක්‍රියාත්මක බව ලංකා විදුලි වෘත්තීය සංගම් පවසයි.