ඉරාන නෞකාව විනාශ වුනේ ලංකාවේ පමාව නිසා .

ඇමරිකානු ප්‍රහාරයකින් ඊයේ විනාශ වූ ඉරාන නෞකාව ඊට පැය 11 කට පෙර ශ්‍රීලංකාවේ ගාල්ල වරායට ඇතුළුවීමට අවසර ඉල්ලා ඇතත් ඒ සඳහා අවසර ලබාදී නැතිබව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසීය .

පාර්ලිමේන්තුව අමතමින් කරුණු දැක්වූ ඔහු පවසූවේ මෙම නෞකාව ඉන්දීයාව පැවැත්වූ යුධ අභ්‍යසයකට සහභාගීවනු වස් පැමිණි එකක් බවත් එම අභ්‍යාසයට ශ්‍රී ලංකා වේ නෞකාවක්ද සහභාගීවූ බව සඳහන් කළේය . එහෙත් මැදපෙරදිග කළාපයේ ඇවිලෙමින් ඇති යුද්ධය නිසා එම නෞකාවට ඉරානයට යාමට නොහැකිවී ඇති බව ඔහු පැවසීය .

නෞකාවට පහර දුන් සබ්මැරීනය ගල්ෆ් කළාපයේ තිබූ එකක් බවත්, එය ඉන්දීය සාගරයට පැමිණ ඇත්තේ මෙම නෞකාවට පහර දීම සඳහා බවත් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පැවසීය .

ගාලු වරායට ඇතුළු වීමට අවසර නොදීම මෙන්ම, නෞකාව ශ්‍රී ලංකාවට නොදුරුව නැංගුරම් ලා ඇතිබව ඇමරිකාව දැනගත්තේ කෙසේද යන්නද අබිරහසක් බව ඔහු වැඩි දුරටත් පැවසීය .