ක්‍රිකට් පරිපාලනයේ ලඟදීම වෙනසක් .

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අතුරු කමිටුවකට හෝ බලයලත් නිළධාරියෙකුට බාර දීමේ හැකියාව පිළිබඳව මේ මොහොතේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්චා පවත්වමින් සිටිනා බවත්, එම සාකච්චා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සෘජු සහභාගීත්වයෙන් පැවැත්වෙන බවත් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මාධ්‍යට පැවසීය .

ක්‍රිකට් ක්‍රීඩාව ජයග්‍රහණ ලබනා මට්ටමට එය ගෙන ආයුතු නමුත් ශ්‍රී ලංකාව ක්‍රිකට් තහනමකට ලක් කිරීමට තමන්ට අවශ්‍ය නැති බවත්, එහෙයින් දේශීය ක්‍රිකට් පාරිපාලනය වෙනස් කිරීමට පෙර අයි.සී.සී ආයතනය සමග සාකච්චා කරනා බවත් ඔහු අවධාරණය කළේය .