මැද පෙරදිග අර්බුදය හමුවේ තෙල් නිෂ්පාදනය ඉහළ දමන්නට OPEC සංවිධානය තීරණය කරයි.

අමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාර සහ ඉරානයේ ප්‍රතිප්‍රහාර හේතුවෙන් ලෝක තෙල් සැපයුමට සිදුවිය හැකි බාධාවන් අවම කිරීම සඳහා, තෙල් නිෂ්පාදනය පවතින ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ නැංවීමට ‘OPEC’ සංවිධානය සලකා බලමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව දෛනික ඉන්ධන නිෂ්පාදනය බැරල් 137,000 කින් වැඩිකිරීමට සැලසුම් කර තිබුණද, පවතින හදිසි තත්ත්වය මත එය දිනකට බැරල් 411,000ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ නැංවීමට නියමිත බව වාර්තා වේ. ඒ පිළිබඳව අවසන් තීරණය අද පැවැත්වෙන විශේෂ රැස්වීමේදී ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි .

ලෝක තෙල් ප්‍රවාහනයෙන් 20% කට වඩා සිදුවන උපායමාර්ගිකව වැදගත් හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා නාවික ගමනාගමනය නතර කරන ලෙස ඉරානය කළ දැනුම්දීමත් සමඟ ඊයේ (28) සිට තෙල් සහ ගෑස් නැව් ගමනාගමනය අඩාල වී තිබේ.

මැදපෙරදිග ගැටුම් උත්සන්න වීමත් සමඟ පසුගිය සිකුරාදා වන විට බොරතෙල් මිල බැරලයක් අමෙරිකානු ඩොලර් 73 දක්වා ඉහළ ගොස් තිබුණි. මෙය ජූලි මාසයෙන් පසු වාර්තා වූ ඉහළම මිල බව සඳහන් වේ.