ජ.වි.පෙ ඉන්දීය විරෝධය නිමාකළ බව ටිල්වින් කියයි .

ඉන්දීයාව පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ අතීතයේ දරූ මතය වෙනස් කිරීමට කාලය පැමිණ ඇති බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා The Hindu පුවත්පතට පැවසූ බව වාර්තා වේ.

මෑතකදී ඉන්දියාවේ සිදුකළ සංචාරයෙන් අනතුරුව The Hindu පුවත්පත සමග පැවති සාකච්ඡාවේදී ඔහු මේ බව පවසා ඇත. එම සම්මුඛ සාකච්ඡාව ඔහු පෙරලා පැමිණි පසු ශ්‍රී ලංකාවේදී පවත්වා ඇත .

ඉන්දියාවේ සංවර්ධනය සහ තාක්ෂණික දියුණුව, හවුල්කාරිත්වය සඳහා ඇති ඉඩකඩ පිළිබඳ ටිල්වින් සිල්වා මෙම සම්මුඛ සාකච්ඡාවේදී අදහස් පළකර තිබේ.
වරක් ඉන්දියාවට දැඩි ලෙස විරුද්ධ වූ ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරයේ වෙනසක් පිළිබඳව ඔහු එහිදී සාකච්ඡා කරනු ලබයි.