නිසි පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සමාජිකයෙකු ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ පත්කර ඇත .
ස්ථාවර නියෝග 106 විධිවිධාන ප්‍රකාර මෙම පත්කිරීම සිදුකළ බව අද (18) කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ලැබීය .
භෞතික පරීක්ෂණයට භාජනය නොකර කන්ටේනර් 323 නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයාබලා වාර්තා කිරීමට හා ඒ සම්බන්ධයෙන් යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කරුණාතිලක ඉල්ලා අස්වීම විය. ඒ හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ පත්කර ඇත .
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව ක්‍රියාත්මක වනවා.