මන්ත්‍රීවරියන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වෙනස් කිරීමට යයි .

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කළයුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයය කථානායකවරයාට යෝජනා කර ඇත .

පාර්ලිමේන්තු සන්නිවේදනය අංශය සඳහන් කරනා පරිදි අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ඇතුළු සංසදයේ සාමාජිකාවන්ගේ අත්සනින් යුතුව මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත .

විශේෂයෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ඉලක්ක කර වාචික හිංසනය ක්‍රියාත්මක කිරීමේ ප්‍රවණතාවක් මෑත කාලයේ නිරීක්ෂණය වී ඇති බව එහි සඳහන් වෙයි .

මෙම තත්ත්වය කාන්තාවන්ට තම අදහස් ප්‍රකාශ කිරීමට සහ දේශපාලනයට සම්බන්ධ වීමට ඇති අයිතියටද එරෙහි අභියෝගයක් බවත්, එමගින් ජනතා පරමාධිපත්‍ය අභියෝගයට ලක්වන බව්ත් එම සංසදය අවධාරණය කර සිටී .