ලංකා සතොස ආයතනයට අයත් ලොරියක් අවභාවිත කරමින් රජයට මූල්‍යමය පාඩුවක් සිදුකළ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහාපොලිස් කණ්ඩායම් පහක් යොදවා ඇතිබව වාර්ත අවෙයි .
කෙසේවෙතත්, හිටපු අමාත්‍යවරයා සිටින ස්ථානය තහවුරු කරගැනීමට පොලිසියට මෙතෙක් නොහැකි වී ඇති බවත්, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා තව දුරටත් පරීක්ෂණ සිදුකරනා බවත් වාර්තා වේ.
මේ අතර, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ අත්අඩංගුවට ගන්නා ගෙන ඇත . ඒ සතොස ආයතනයට අයත් ලොරියක් ඔහුට අයත් බව කියන එතනෝල් සමාගමක කටයුතු සඳහා යොදාගැනීම පිළිබඳ්ව කෙරෙනා විමර්ෂනයකට අදාලවය . මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් දී තිබේ.
ඒ අනුව, ජොහාන් ප්‍රනාන්දු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් කුරුණෑගලදී අත්අඩංගුවට ගන්නා ලදී.