ශ්‍රී ලංකාවේ පරිසරය ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීමේ ප්‍රධාන නීතිමය රාමුව වන 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත .
වර්තමානයේ පරිසරය සම්බන්ධයෙන් පැනනැගී ඇති සංකීර්ණ නෛතික සහ ආයතනික ගැටලුවලට පිළියම් සෙවීමේදී, දැනට පවතින පනතේ ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව රජය විසින් හඳුනාගැනීමෙන් අනතුරුව මෙම තීරනය ගෙන ඇත .
ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් “ජාතික පාරිසරික (සංශෝධිත) පනත් කෙටුම්පත” මේ වන විට සකස් කර තිබෙනවා.
පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.