බීලා එළෙව්වොත් අපරාධ නීතියෙන් නඩු.

ඉදිරියේදිී බිමත්ව සහ අපරික්ෂාකාරීව රිය ධාවනය කළහොත් රථවාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේ කටයුතු කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජය පොලිස්පති ඩබ්ලිව්.ජී.ජේ.සේනාධිර පවසයි . ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමිනි .

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී මාර්ග අනතුරු සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ලැබෙන බවත්, ඊට ප්‍රධාන හේතුව මත්ද්‍රව්‍ය භාවිතය සහ මත්පැන් භාවිතය බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩි දුරටත් පැවසීය . ඒ අනුව ඉදිරියේදී එවැනි රිය අනතුරු සදහා රථවාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේ කටයුතු කිරීමට පොලිස්පතිවරයා විසින් නියෝග දුන් බව ඔහු සඳහන් කළේය .

“ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ මාර්ග රිය අනතුරු 271කින් වැඩිවෙලා තියෙනවා.මියගිය සංඛ්‍යාව 317කින් වැඩිවෙලා තියෙනවා.නමුත් බරපතළ අනතුරු ගත්තම සාමාන්‍යයෙන් අඩුවීමක් දක්නට ලැබෙනවා.විශේෂයෙන්ම මේ අනතුරු වැඩිවීමට ප්‍රධාන හේතුව අපේ රියදුරන්ගේ තියන නොසැලකිල්ල,අනවධානය වගේ හේතුන් මේකට විශේෂයෙන් බලපාලා තියෙනවා. අපිට පණිවිඩයක් දෙන්න අවශ්‍යයි වාහන පාවිච්චි කරන රියදුරන් බොහෝ අය මේකට හේතුවක් වෙනවා මත්ද්‍රව්‍ය සහ බීමත්කම. ඉදිරියේදී මත්පැන්, මත්ද්‍රව්‍ය සහ අනවධානයෙන් අන්තරාකාරීව රිය පදවලා තියෙනවානම් රථවාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේත් කටයුතු කරන්න පොලිස්පතිවරයා දැනුම්දීලා තියෙනවා.” නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය .