සූරියවැව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුගේ පහරකෑමට ලක්වූ පාසල් සිසුවෙකු මේ වන විට දින කිහිපයක් පුරා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියද, පහර දුන් විදුහල්පතිවරයාට එරෙහිව තවමත් නීතිය ක්‍රියාත්මක නොවනා බව වාර්තා වේ. දාසය වැනි වියේ පසුවන එම සිදුවා සතියකට අධික කාලයක් රෝහල්ගතව සිටී.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලීසියට පැමිණිලි කළද ඒ සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව සිසුවාගේ දෙමාපියෝ පවසති . පොලිසියේ මන්දගාමි හැසිරීමට හේතුව එම විදුහල්පතිවරයාගේ බිරිඳ ජාතික ජනබලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීමදයි සැක සිතෙන බව ඕවුහු පවසති.
සූරියවැව පොලීසියෙන් තම දරුවාට කිසිදු සාධාරණයක් ඉටු නොවීම හේතුවෙන් තමන් මාතර හම්බන්තොට දෙදිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාටද මේ සම්බන්ධව පැමිණිල්ලක් සිදුකළ බවත්, ඉදිරියේදී මානව හිමිකම් කොමිසමට සහ ළමා ආරක්ෂණ අධිකාරියට මෙන්ම ජනාධිපතිවරයාටද පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත් සිසුවාගේ දෙමාපියෝ පවසති .