නව ජාතික ක්රිකට් තේරීම් කමිටුව පත්කර ඇත. එහි සභාපති ලෙස හිටපු ටෙස්ට් වේගපන්දු යන්වන්නෙක් වන ප්රමෝද්ය වික්රමසිංහ පත්කර ඇති බව වාර්තා වේ .
තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ඉන්දික ද සේරම්, තරංග පරණ විතාන, විනෝදන් ජෝන් සහ රසාංජලි ද අල්විස් පත් කර ඇත.
1973 අංක 25 දරන ක්රීඩා නීතියේ 39 -1 වගන්තිය ප්රකාරව සහ 2437/24 2025 මැයි 21 අති විශේෂ ගැසට් පත්රය අනුව මෙම පත් කිරීම සිදුකර ඇති බව තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යංශය සඳහන් කරයි.