පියුමී හංසමාලීට අධි චෝදනා

අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල සහ කෙටි කලකින් කෝටිපතිනියක වූයේ යැයි කියන නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ගෝමස් යන අය රජයට බදු නොගෙවා පැහැර හැරීමට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකිරීමට කටයුතු කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසීය.

ජෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මෙතෙක් තමට ලැබි නැතිබවද එම දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පැවසීය .

අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගලට හා නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ගෝමස් වග උත්තරකරුවන් කරමින් දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරූ පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිහාර මහාරච්චි හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් අනාවරණය විය .

දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කරුණු දක්වමින් කියා සිටියේ පැමිණිලි සම්බන්ධයෙන් උද්ධෘත නීතිපතිවරයාට යොමු කර ඇතත් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවය.

දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය ලබන අප්‍රේල් මස 29 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.