බලපිටිය ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජයට පත්වේ.

ජාතික ජන බලවේගයට බලය හිමි බලපිටිය ප්‍රදේශීය සභාවේ මංගල අයවැය අද (16) එක් වැඩි ඡන්දයකින් පරාජයට පත්විය. අයවැයට පක්ෂව ඡන්ද 16ක් සහ විපක්ෂව ඡන්ද 17ක් හිමිවිය.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු 16 දෙනෙකු ද, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරු 18 දෙනෙකු ඇතුළත්ව මන්ත්‍රීවරු 34ක් බලපිටිය ප්‍රාදේශීය සභාව නියෝජනය කරති.

බලපිටිය ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයෙකු තෝරාගනු ලැබුවේ කුසපත් ඇදිමෙන් වන අතර ඉන් ජාතික ජන බලවේගය නියෝජනය කරමින් අනුරුද්ධ මහවැලි සභාපති ලෙස තේරි පත්විය.

ඒ අනුව බළපිටිය ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සඳහා මංගල අයවැය අද සභාපතිවරයා විසින් ඉදිරිපත් කෙරුණු අතර ඒ සම්බන්ධයෙන් වූ ඡන්ද විමසීමේදී ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 16 දෙනා පක්ෂවද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් සිටි මන්ත්‍රීවරුන් 17 දෙනෙකු විපක්ෂවද සිය ඡන්දය භාවිත කළේය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තේරි පත්වූ මන්ත්‍රීවරයා අද සභාවාරය සඳහා සහභාගී වූයේ නැත .