රන්ජන් ජයලාල් නිළ නොළත් මහෙස්ත්‍රාත් වෙයි . නීතීඥවරියකට බැණ තර්ජනය කරයි.

කඩුවල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා නීතිඥවරියක සහ තවත් පුද්ගලයෙකුට තර්ජනාත්මකව බැණ වදින හඬ පටයක් සමාජ ජාලවල හුවමාරු වෙමින් තිබේ.

ඒ මොහොතේ පැමිණිල්ල බලන්නේ තමන් බවත්, තමා නිල නොලත් මහේස්ත්‍රාත් වරයෙක් බවත් නීතීඥයන්ට පැමිණ තමනට බලපෑම් කරන්නට බැරි බවත් ඔහු එහිදී පවසයි. අදාළ ගැටලුවට මුහුණ දුන් කණ්ඩායම්වලට එළියට බහින්නැයිද නගරාධිපතිවරයා අවසනානයේ දැනුම් දෙයි.