මෑතකදී ඇති වූ දරුණු කාලගුණික තත්ත්වයන් හේතුවෙන් විනාශයට පත් වූ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සිය පූර්ණ සහාය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි .
එම සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාක්-ඇන්ඩ්‍රේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත් හේරත් සමඟ අමාත්‍යාංශයේදී පැවති හමුවකදී මේ බව පවසන ලදී.
ආපදාවට පත් ප්‍රජාවන්ට සහය වීම සඳහා සිය ක්ෂණික ප්‍රතිචාර අරමුදල යටතේ වහාම එක්සත් ජනපද ඩොලර් මිලියන 4.5ක් වෙන් කරන බව එක්සත් ජාතීන්ගෙ නේවාසික නියෝජිතයා එහිදී පැවසූ අතර, සංඛේතාත්මක ආධාර බාරදීමද එහිදි සිදුවිය .
අයහපත් කාලගුණය නිසා සිදුවූ විපත පිළිබඳව විස්තරාත්මක තක්සේරුවක් සිදු කිරීම සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) සමඟ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා OCHA (මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය) හි පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.