බදුල්ල දිස්ත්‍රික්කයේ ඌවපරණගම උමා ඇල වාරිව්‍යාපෘතියේ ගැටහවුල්පත අසන්නයේ ඇලබැම්ම පසුගිය දා ඇති වූ ආපදා තත්ත්වයෙන් සම්පූර්ණයෙන්ම නාය යාමට ලක් විය . එම ඇල බැම්ම වැලි කොට්‍ට 7,000 ක් පමන යොදාගනිමින් දින 7ක් තුළ සම්පුර්ණයෙන් ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රාදේශිය ගොවි සංවිධාන නියෝජිතයන් හා ප්‍රදේශවාසින් ඇතුලු පිරිසක් සමත් වූහ .
එම ඇල බැම්ම අළුත් වැඩියා කිරීමට අමතරව අවහිරවී තිබූ පේරවැල්ල උමාඇල අමුණද මිට සමගාමීම පිළිසකර කරන ලදී. මෙම ඇල ව්‍යාපෘතිය කිලෝමීටර 17 ක් පමණ දීර්ඝ වන අතර ගොවි පවුල් පන්දහසකට අධික ප්‍රමාණයක් සිය ගොවිතැන් කටයුතු සිදු කරනු ලබයි.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර බන්ඩාර විසින් ඌවපරණගම ඌමාඇල වාරිව්‍යාපෘතියේ ගැටහවුල්පත අසන්නයේ ඇලබැම්ම හා උමා ඇල අමුණ ප්‍රදේශ නිරික්ෂණය කිරිමද මෙම අවස්ථාවේදි සිදු විය.