දෙහිවල ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් ආසන්නයේදී සිදුකළ වෙඩි තැබීමකින් 34 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (06) රාත්‍රි 8ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය පවසයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත. සිද්ධිය සම්බන්ධව දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.