වටගලගේ කථාවට ජනපතිගෙන් ඌණපූර්ණයක් .

ආපදා තත්ත්වය සහනශීලීව කළමනාකරණය කිරීමට බාධා වන අයුරින් මහජනයා නොමඟ යවන හෝ ගැටුම්කාරී ව්‍යාකූලත්වයක් ඇති කිරීමට උත්සාහ කරන පුද්ගලයන්ට එරෙහිව පමණක් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය .

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මෑතකදී පොලිස් නිළධාරීන් අමතමින් කල කථාවකදී සමාජ මාධ්‍ය හරහා අසත්‍ය හෝ ද්වේෂ සහගත අන්තර්ගතයන් පතුරුවන පුද්ගලයන්ට හා ජනාධිපතිවරයාට සහ ඇමතිවරුනට අපහාස කරනා අයට එරෙහිව හදිසි නීති විධිවිධාන භාවිත කරන ලෙසට පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබුනි . එම සිදුවීම දැඩි විවේචනයට ලක්ව ඇත . ඒ සම්බන්ධයෙන් පැන නැගුණු ආන්දෝලනය පිළිබඳව අදහස් දක්වමින් ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා අවධාරණය කළේ, හදිසි නීති රෙගුලාසි යටතේ කිසිසේත්ම මහජන මතය සීමා නොකරන බවත් තමන්ට හෝ අමාත්‍යවරුන්ට එල්ල වන පුද්ගලික විවේචන හෝ අවලාද සැලකිල්ලට නොගන්නා බවයි.