ගුවන් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටේ.

ආපදා සහන මෙහෙයුම්වල නිරතව සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් අනතුරකට ලක්ව ඇත.

එම හෙලිකොප්ටරය වෙන්නප්පුව-ලුණුවිල ප්‍රදේශයේ සහන කටයුතු සඳහා යෙදී සිටියදී ගිං ඔයට කඩා වැටී ඇතිබව පොලිස් ආරංචිමාර්ග පවසයි.