භික්ෂූන්වහන්සේලා දෙනමක් ගමන්කළ රිය ඇලකට පෙරලේ .

ඉගිනියාගල සිට අම්පාර දක්වා ධාවනය වූ මෝටර් රථයක් පොල්වත්ත හන්දියේ පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැන සේනානායක සමුද්‍රයේ සිට ජලය රැගෙන යන ප්‍රධාන වම් ඇළට පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත . එම අනතුරින් රඨයේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු මියගොස් ඇත . බ

පොලිසිය පවසන පරිදි, අනතුර සිදුවන අවස්ථාවේ වාවින්න පන්සලට යමින් තිබූ වාහනයේ එකම පවුලේ භික්ෂූන් වහන්සේලා දෙනමක් සහ සහෝදරයන් දෙදෙනෙක් සිට තිබේ.

භික්ෂූන් වහන්සේලා දෙනම සහ දිවි ගලවාගත් සහෝදරයා මුලින් ඉගිනියාගල රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අම්පාර මහ රෝහලට මාරුකර යවා ඇත.

වැඩි දුර පොලිස් පරීක්ෂණ පැවැත්වේ.