පාසැල් විතරක් නොවේ පෙර පාසල් අධ්‍යාපනයත් වෙනස් කරනවා.

ප්‍රමිතිගත පූර්ව ළමාවිය අධ්‍යාපනයක් දරුවන්ට ලබාදීමේ අරමුණින් 2027 වසරේ සිට නව පූර්ව ළමාවිය අධ්‍යාපන විෂයමාලාවක් ක්‍රියාවට නංවන බවත්, ඒ සඳහා වන ගුරු පුහුණුකිරීමේ වැඩසටහන ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවත්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි .,

ඇය මේ බව පැවසූවේ ජාතික අධ්‍යාපන ආයතනයේ මුල් ළමාවිය සංවර්ධන හා ප්‍රාථමික අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සම්පාදිත පූර්ව ළමාවිය අධ්‍යාපන විෂයමාලා ජාතික ප්‍රතිපත්ති රාමුව හඳුන්වාදීමේ අවස්ථාවට එක්වෙමිනි .

අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අද පස්වරුවේ පැවති මෙම වැඩසටහනට යුනිසෙෆ් ආයතනයේ මෙරට නියෝජිතයින් පිරිසක්ද එක්වූහ.