පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් 20 – 20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (20) ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කම්ඩායම් අතර පැවති තරගයෙන් ලකුණු 67ක දරුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
රාවල්පින්ඩිහිදී පැවැති මෙම තරගයේ සිම්බාබ්වේ කණ්ඩායම ලබාගත් ලකුණු 163 හඹාගිය ශ්‍රී ලංකාව සිය පන්දුවාර 20 තුළදී සියලු දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 95ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක දසුන් ශානක පන්දු 25 කින් ලකුණු 34ක් රැස් කළේය. ඔහුට අමතරව භානුක රාජපක්ෂ ලකුණු 11ක් රැස්කර ගත් අතර වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාවට පැමිණීමට නොහැකි විය.
සිම්බාබ්වේ වෙනුවෙන් බ්‍රැඩ් එවන්ස් කඩුලු ලකුණු 9 කට 3ක් හා රිචඩ් ගරාවා ලකුණු 15 කඩුලු 2ක් දවාගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූහ.
ජාත්‍යන්තර 20 – 20 පිටියේ ලොව ඕනෑම කණ්ඩායමක් හමුවේ ශ්‍රී ලංකාව දැවීගිය 9 වන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වෙයි . ඊට අමතාර්ව මෙම ජයග්‍රහණය අයි.සී.සී. පූර්ණ සාමාජික රටකට එරෙහිව සිම්බාබ්වේ ලැබූ දැවැන්තම ජයග්‍රහණය (ලකුණු පරතරය අනුව) ලෙසද වාර්තා අතරට එක්විය.
මීට පෙර ඔවුන් ලැබූ වාර්තාගත ජයග්‍රහණය වූයේ 2016 වසරේ දී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 31ක ජයක් ලැබීමය.