ගජබා සුපර්ක්‍රොස් 2025 සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙමින් ඒෂියන් පේන්ට්ස් කෝස්වේමෙරට මෝටර් රථ ධාවන ක්‍රීඩාවට ජවය සපයයි

ඒෂියන් පේන්ට්ස් කෝස්වේ විසින් ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයනු ලබන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ SLADA Racing 2025 මෝටර් රථතරඟාවලියේ තවත් අදියරක් වන ගජබා සුපර්ක්‍රොස් 2025 තරඟාවලිය අනුරාධපුර, සාලියපුරදී දැවැන්ත ප්‍රේක්‍ෂක ආකර්ෂණයක් මධ්‍යයේසාර්ථකව අවසන් විය. 

කීර්තිමත් ධාවකයෙකු මෙන්ම ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සන්නාම තානාපතිවරයා ද වන අශාන් සිල්වා මෙහිදී දැක්වූ සුවිශේෂී දක්‍ෂතා සියලුමදෙනාගේ අවධානයට ලක් විය. SLGT  3500cc මෝටර් කාර් ධාවන කාණ්ඩයේ විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කළ ඔහු මෝටර් රථ ධාවකයෙකුලෙස දිනා ගත් කීර්ති නාමය නැවත නැවතත් තහවුරු කිරීමට සමත් වූයේය. 

ප්‍රධාන අනුග්‍රාහකයා වශයෙන් ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම මෝටර් රථ ධාවන ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් තීරණාත්මක මෙහෙයක්මේ වන විට ඉටු කරමින් සිටියි. රථ වාහන ආලේපන වෙළෙඳපොලේ ප්‍රමුඛතම සන්නාමය වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම සිය ව්‍යාපාරිකවපසරියෙන් ඔබ්බට ගොස් කාර්ය සාධනය, වේගවත් බව, දරාගැනීමේ ශක්‍යතාවය, නවෝත්පාදනය ආදී ක්‍රීඩාශීලී ගුණාංග පෝෂණය කිරීමටලබා දෙන දායකත්වය මෙමගින් තහවුරු වේ. 

තාක්‍ෂණික ප්‍රමිතීන් ඉහළ නැංවීම, ජාත්‍යන්තර මට්ටමේ විසඳුම් සමඟ ක්‍ෂේත්‍රය බලගැන්වීම, වෘත්තීය පුහුණුව ලබාදීම, කර්මාන්තහවුල්කාරිත්වයන්හි ආයෝජනය කිරීම මගින් දශක ගණනාවක් පුරා ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සන්නාමය මෝටර් රථ කර්මාන්තයේ සුබසිද්ධියඋදාකර දීමට කටයුතු කර ඇත. මෝටර් රථ ධාවන ක්‍රීඩාවට ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම විසින් ලබා දෙන මෙම සහයෝගය අත්දැකීම්බහුල ධාවන ශූරයන්ට වේදිකාවක් නිර්මාණය කරන්නා සේම නැගී එන නවක ධාවකයන්ට ද සිය දක්‍ෂතා වර්ධනය කර ගැනීමට තෝතැන්නක්සකස් කරයි. 

SLADA Racing 2025 වැනි තරඟාවලිය සඳහා ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම වශයෙන් අප ලබා දෙන අනුග්‍රාහකත්වය ආයතනිකඅනුග්‍රාහකත්වයෙන් ඔබ්බට ගිය අනුග්‍රාහකත්වයක්. එය මෝටර් රථ ධාවන ක්‍රීඩාවේ ප්‍රගතිය සහ අනාගතය වෙනුවෙන් සිදුකරන කැපකිරීමක්. ගජබා සුපර්ක්‍රොස් එම තත්ත්වය මනාව ග්‍රහණය කර ගත් තරඟ වටයක්. විවිධ ප්‍රජාවන් ඒකරාශී කරන, උද්යෝගය සහ ක්‍රියාශීලීත්වයනිරූපණය කරන මෙම තරඟාවලියේ අනුග්‍රාහකයෙකු වීම ගැන අපට තිබෙන්නේ නිහතමානී ආඩම්බරයක්.” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින්ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගමේ ශ්‍රී ලංකා ප්‍රධානී වෛතිලිංගම් කිරිතරන් මහතා පැවසීය. 

සාර්ථක ගජබා සුපර්ක්‍රොස් ධාවන තරඟාවලියෙන් පසුව මෙහි ඊළඟ අදියර වන ගර්නර් සුපර්ක්‍රොස් ධාවන තරඟාවලිය ඔක්තොබර් 05 වන දිනමින්නේරියේදී පැවැත්වීමට නියමිතය. මෙරට මෝටර් රථ ධාවන ක්‍රීඩාවට පැහැබර අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඒෂියන් පේන්ට්ස්කෝස්වේ සමාගම ලබා දෙන මාහැඟි දායකත්වයත් සමඟ ප්‍රේක්‍ෂකයන්ට වඩාත් උද්යෝගිමත් හා ජවසම්පන්න තරඟාවලියක් නැරඹීමටඅවස්ථාව උදා වනු ඇත.