ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් අසල භූමිකම්පාවක් හට ගෙන ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව එම බූ කම්පනය රික්ටර් මාපකයේ 6.3ක ප්‍රබලතාවයකින් යුතුව සිදුව ඇත. එම භූකම්පනයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් 150ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේ නමුත් හටගත් භූමිකම්පාවෙන් සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති අතර, එම නගරයේ තලේබාන් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ පළාතේ සියලුම දිස්ත්‍රික්කවල සුළු තුවාල සහ මතුපිට හානි පිළිබඳව වාර්තා ලැබී ඇති බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම නගරයේ ලක්ෂ 5කට අධික ජනතාවක් වාසය කරන බවත් භූමිකම්පාව ඇති වූ විට නගරයේ බොහෝ පදිංචිකරුවන් තම නිවාස කඩා වැටෙනු ඇතැයි බියවී වීදිවලින් දිව ගොස් ඇති බවයි.